බයික් එකේ ගිය ගෝනා නිසා 2ක් පොලීසියට

ගෝනා පැටවෙකු යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු දමන, මාන්තෝට්ටම් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

දමන පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.


සැකකරුවන් 20 හැවිරිදි සහ 25 හැවිරිදි අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව සඳහන් වෙයි.


සැකකරුවන් අද(28) අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



Post a Comment