ශෂීන්ද්‍රගේ පුටුව අදම හරීන්ට!

ඌව පළාත් සභාවේ බහුතරය තමන් සමග සිටිනා බව තහවුරු කළ එහි විපක්ෂනායක හරීන් ප්‍රනාන්දු මහතා එම පළාත් සභාවේ නව මහඇමති ලෙස දිවුරුම්දීමට අද සුදානම් වේ.

බදුල්ලේ පිහිටි ඌව ආණ්ඩුකාර කාර්යාලයේදී හරීන් ප්‍රනාන්දු මහතා දිවුරුම්දීමට අදාළ කටයුතු මේවන විටසම්පාදනය වෙමින් පවතින බව අප වාර්තාකරු පැවසීය.


හරීන් ප්‍රනාන්දු මහතා මහඇමති කරන්නැයි එජාප මන්ත්‍රීන් 13 දෙනෙකු හා සන්ධාන මන්ත්‍රීන් සිව්දෙනෙකුගේ දිවුරුම් ප්‍රකාශ ආණ්ඩුකාර සී නන්දමැතිව් මහතා වෙත ඊයේ බාරදී තිබුණි.


එහිදී ආණ්ඩුකාරවරයා කියා සිටියේ වත්මන් මහඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ තමන්ට බහුතරය ඇති බව නොපෙන්වුවහොත් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට තමන්ට සිදුවන බවයි.



Post a Comment