මහවැලිගම රක්ෂිතයේ ගින්නක් - අක්කර 10ක් විනාශයි

හැටන්,රුවන්පුර මහවැලිගම රක්ෂිතයේ අද(26) පස්වරුවේ හටගත් ගින්නකින් අක්කර 10ක් පමණ විනාශ වී තිබේ.

අදාළ ගින්න මැඩ පැවැත්වීම සඳහා රුවන්පුර ගම්වාසීන් දැඩි උත්සහයක් දරා ඇතත් ප්‍රදේශයේ පවතින දැඩි සුළං තත්ත්වය හමුවේ ගින්න ඉක්මනින් පැතිරී ඇති බව අප වාර්තාකරු පවසයි.


මධ්‍යම කඳුකරයේ මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතැම් කඩාකප්පල්කාරී පිරිස් කැලෑ ගිනි තැබීම් සිදුකරන බව වාර්තාවෙයි.



Post a Comment