2015 ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව අමෙරිකාව පවසයි.
අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර තිබේ.
ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සාමකාමී අයුරින් පිලිගැනීම පිළිබඳ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රශංසාව පළ කරන බව අදාළ නිවේදනය මගින් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පෙන්වා දී ඇති බව සඳහන්ය.
ජනාධිපතිවරණය ජයග්‍රහනය කළ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරගන්නා නව රජය යටතේ ශ්‍රී ලංකාව තුළ පවතින ප්‍රජාතන්ත්‍රවාදය සහ සාමකාමී වාතාවරණය තවදුරටත් පවත්වා ගැනීමට කටයුතු කරනු ඇති බවට අමෙරිකාව විශ්වාස පළ කරන බව එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ.
ඒමෙන්ම ජනාධිපතිවරණය සාමකාමී අයුරින් පැවැත්වීම සදහා කැපවී කටයුතු කළ මැතිවරණ කොමසාරිස් වරයා ආරක්ෂක අංශ නිලධාරීන්ට සහ සිවිල් වැසියන්ට ද ප්‍රශංසාව පළකරන බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා එම නිවේදනයේ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Post a Comment