ජාතිවාදීන්ට ආගම්වාදීන්ට හොඳ පිළිතුරක් ලැබිලා - පක්ෂ පාට එපා

නවරජයේ ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක තිබේ.

අද පෙරවරුවේ පළමුව මල්වතු පාර්ශවයේ මහනායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදුටු අමාත්‍යවරයා උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගත් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.


ඉකුත් මැතිවරණයේ දී ජාතිවාදය සහ ආගම්වාදය යොදාගනිමින් ඇතැම් පිරිස් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කළද රටේ ජනතාව ඔවුන්ට නිසි පිළිතුරක් ලබාදී ඇති බව මල්වතු මහනාහිමි එහිදී ප්‍රකාශ කර තිබේ.


මල්වතු මහනාහිමි බැහැදැකීමෙන් අනතුරුව අස්ගිරි මහනාහිමි බැහැ දැකීමට ෆයිසර් මුස්තාපා මහතා ගොස් ඇති අතර එහිදී අස්ගිරි මහනාහිමි ප්‍රකාශ කර ඇත්තේ ජාති, පක්ෂ පාට භේද දුරලා කටයුතු කිරීමෙන් රටේ දියුණුව සලසා ගත හැකි බවයි.



Post a Comment