ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින 100 වැඩපිළිවෙළට තම පක්ෂය සහයෝගය දෙන බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.
අද(14) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.
එසේම එම වැඩපිළිවෙළට සහයෝගය දක්වමින් වැරදි තැන් ඇතොත් එය නිවැරදි කරන බවද ඔහු එහිදී සඳහන් කළේය.
උතුරේ ආණ්ඩුකාරවරයා ඉවත් කිරීම, අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ඉවත් කිරීම හා විරුද්ධ පක්ෂ සාමාජිකයන්ට පහරදීම යන ක්‍රියා නතර කිරීමට ජනාධිපතිවරයා පියවර ගතයුතු බවද හෙතෙම එහිදී කියා සිටියේය.

Post a Comment