ඊයේ රාත්රි 12.40 ට පමණ මෙම පිරිස නිවස පිහිටි වත්තට ඇතුළු වී මෙම ගිනි තැබීම සිදු කර ඇති බවත්, පිරිස පැමිණීමට පෙර නිවස අවටින් වෙඩි ශබ්දයක් ඇසුණු බවද නිවැසියෝ පැවසූහ.
පැමිණි පිරිස ලොරියට ගිනි තැබීමෙන් ලොරි රථය තුළ එම අවස්ථාවේදී නිදා ගෙන සිටි පුද්ගලයා දැඩි ලෙස පිළිස්සීමෙන් මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ මාවනාවහේවා චමිත් ප්රසන්ත නමැති වයස අවුරුදු 37 ක් වූ අම්බලන්ගොඩගෙදර, ගල්පොත්ත පාර, යටියන, මාතර යන ලිපිනයෙහි පදිංචි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා මන්ද මානසික මට්ටමකින් පෙළෙන්නෙකු බවත් ඔහු මීට වසර 02 කට පෙර ඉහතදී මෙම නිවසට පැමිණ නිවසෙහි නතරවී සිට ඇති බවද මියගිය පුද්ගලයාගේ සොහොයුරියක් පැවසුවාය.
නිවසට පැමිණිදා සිට ඔහු මෙසේ එළිමහනේ නිදා ගැනීමට පුරුදුව සිටි බවත්, මෙම සිදුවීමට පෙර නිවෙස් හිමියාත් මිය ගිය පුද්ගලයා හා නිවසේ තවත් අයෙකු සමග තිදෙනාම මත්පැන් පානය කරසිටි බවත්, නිවසේ කාන්තාවක් කීවාය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වීරකැටිය පොලිස් ස්ථානයේ නිලධාරින් හා තංගල්ල අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයේ පරීක්ෂණ කටයුතු සිදුකරමින් සිටින අතර සිද්ධියට සම්බන්ධ සීසීටීවී වීඩියෝ දර්ශන නිවසේ සවිකර තිබූ සීසීටීවී කැමරා මගින් පොලීසිය ලබාගත් අතර වත්තට පැමිණි පිරිස තෙල් යොදා ගරාජයේ නවතා තිබූ ලොරි රථයට ගිනි තබන ආකාරය එහි පටිගත වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට නිවසේ හිමිකරුගෙන් ප්රකාශ ලබාගැනීමටද පොලීසිය කටයුතු කරන බවද වීරකැටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති එච්.ටී.එම්. තුෂාර මහතා පැවසීය.
කෙසේ වෙතත් නිවැසියන් පවසන්නේ පෞද්ගලික තරහකට පළිගැනීමක් වශයෙන් මෙය කරන්නට ඇතැයි සැක කරන බවයි.
ඡායා රූ - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

Post a Comment