මැතිවරණ ව්‍යාපාරයේදී පොරොන්දු වූ කරුණු ඉටුකිරීමට නව රජයට අවශ්‍ය සහය ලබාදීමට සූදානම් බව අමෙරිකාව පවසයි.
ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය මේ බව පවසා තිබේ.
නව රජය තුළින් ශ්‍රී ලංකා ජනතාව අපේක්ෂා කරන කාරණා අමෙරිකාවද අපේක්ෂා කරන බව ඇය මෙහිදී පවසා ඇත.
එමෙන්ම නව රජය බලයට පත්වීමත් සමග ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද තමන් සතුටට පත්වන බව නීෂා බිස්වාල් මහත්මිය පවසා තිබේ.
මේ අතර පසුගිය ජනාධිපතිවරණයේදී බලය හුවමාරු කිරීම සම්බන්ධයෙන් ගත් පියවර පිළිබඳ තමන් සතුටට පත්වන බවද ඇය වැඩිදුරටත් පවසා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

Post a Comment