කොටුව ජනපති මන්දිරයෙන් ඉවත් කළ පුද්ගලික භාණ්ඩ ඇතුළත් කන්ටේනර් 2ක් පෑලියගොඩ - මීගමුව පාරේ ව්‍යාපාරික ස්ථානයකින් සොයාගෙන තිබේ.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයින් විසින් භාවිතා කළ බව කියන ලී බඩු, සිහිවටන, ඇඳුම් ඇතුළු උපකරණ තොගයක් එහි වන බව පොලිස් මාධ්‍ය ඒකකය කියයි.
ජනාධිපති මන්දිරයේ සිට මෙම කන්ටේනර් දෙක රැගෙන ආ බව එ්වා බාරව සිටි පුද්ගලයින් පවසා තිබේ.
එම කන්ටේනර් දෙකට පොලිස් ආරක්ෂාව යොදා ඇත.
අද සවස 5.30ට මෙම සැක සහිත කන්ටේනර් 2ක සොයාගෙන තිබේ.

Post a Comment