අලුත් ආණ්ඩුවේ වැඩ ගැන අපි ඇස් ඇරගෙනයි - වෘත්තීය සමිති

අලුතින් පත්වු ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ අවධානයකින් පසුවන බව වෘත්තීය සමිති නියෝජිතයින් පවසයි.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසන්නේ නව ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූලව සිදුකරන කාර්යන් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන බවයි.


නව ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි දින 100 ක ක්‍රියාවලිය යථාර්තයක් බවට පත් කර ගැනීම සඳහා බලපෑම් සහිත ක්‍රියාවලියක නිරත වන බව ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.


ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසන්නේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ස්ථාපිත කිරීම සඳහා කාලය එළඹ ඇති බවයි.



Post a Comment