ශ්‍රී ලංකාවට ගංජා ගෙන ඒමට හැදූ 3ක් මාට්ටු

ශ්‍රී ලංකාවට ගංජා තොගයක් රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයින් තිදෙනෙකු ඉන්දියාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියාවේ තමිල්නාඩුවේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.


ඔවුන් සතුව තිබී ගංජා කිලෝග්‍රෑම් 140ක් තමිල්නාඩු කිව් බ්‍රාන්ච් පොලිසිය විසින් සොයාගෙන ඇත.


තමිල්නාඩුවේ රාමනාදන් පුරම් දිස්ත්‍රික්කයේ දෙවිපටිනම් හි සිට මෙම ගංජා තොගය ශ්‍රී ලංකාවට එවීමට අදාළ පුද්ගලයින් සුදානම්ව සිට ඇති බව සඳහන්ය.


විජය කුමාර්, රාමනාදන් හෙවත් සාමි, සහ මුරුගේසන් නැමැති සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.


ඔවුන් තමිල්නාඩු හි මදුරායි ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.



Post a Comment