පිටිගල, වත්තහේන හන්දිය ප්‍රදේශයේ දී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
පිටිගල පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මළ සිරුර සොයාගෙන ඇත.
ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙකි.
ඝාතනයට හේතුව මෙතක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post a Comment