ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, විපක්ෂනායක ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතාත්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ජොන් සෙනෙවිරත්න මහතාත් පත්කර තිබේ.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද පස්වරුවේ පැවති එහි මධ්‍යම කාරක සභාවේදී හා විධායක සභාවේදී ඉහත පත්කිරීම් අනුමත වූ බව පා.මන්ත්‍රී සරත් කුමාර ගුණරත්න මහතා පැවසීය.
මේ අතර එක්සත් ජාතික පක්ෂය විසින් සභානායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පත්කර ඇති අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ගයන්ත කරුණාතිලක මහතා පත්කර ඇත.

Post a Comment