තමාට එල්ල වන චෝදනා ඔප්පු කිරීමට යම් පාර්ශවයක් සමත් වුවහොත් තමා දේශපාලනයෙන් සමුගන්නා බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
තමාට විවිධ වත්කම් ඇති බව සඳහන් කරමින් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට ඉදිරිපත්ව ඇති ඕනෑම පැමිණිල්ලකට පිළිතුරු සැපයීමට තමා සූදානම් බව විමල් වීරවංශ මහතා කියයි.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ අතර අමාත්‍යවරයෙකු වී කෙටි කලක් තුළ දී විමල් වීරවංශ මහතා මහා පරිමාණයෙන් වත්කම් උපයාගෙන ඇති බවට කඩුවෙල නගරාධිපති ජී.එච්.බුද්ධදාස මහතා චෝදනා කළේය.
අද පැවති මාධ්‍ය හමුවකදී කඩුවෙල නගරාධිපතිවරයා මේ බව කියා සිටියේය.
මේ අතර නව රජයේ දින සියයේ වැඩපිළිවෙළෙහි පවතින අඩුපාඩුකම් පෙන්වාදෙමින් ඊට සහයෝගය ලබාදෙන බව ද මාධ්‍ය හමුවේ දී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

Post a Comment