
සාමන්‍යය පෙළ විභාගය ආරම්භ කිරීමට මත්තෙන් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ පුෂ්පකුමාර මහත්ගා විසින් ළමුන් විසින් පිළිපැදිය යුතු නීති මාලාවක් පිලිබඳ පැහැදිලිකල අතර ඒ අතර විභාග ශාලාව තුලට ගෙන යාමට හැකි උපකරණ සම්බන්ධවද සටහනක් විය.
විභාග කොමසාරිස් ජනරාල්වරයාට අනුව විභාග ශාලාවකට සිසුවකුට ගෙනයා හැක්කේ ප්‍රවේශ පත්‍රය, හැඳුනුම්පත පෑන් හා පැන්සල පමණි. රතු හා දම් පැහැති පෑන්, හයිලයිට් පෑන්, මකන දියර පාට පැන්සල් මෙන්ම වෙනත් භාණ්ඩ, විශේෂයෙන්ම ජංගම දුරකථන මෙන්ම මුදල් පසුම්බි පවා ගෙනයාම තහනම් වේ.
නමුත් විභාග අයදුම්කරුවන්ට එම නීතිය එසේ තිබියදී කොළඹ ප්‍රදේශයේ පාසලක පැවති විභාග ශාලාවක සිසිඋවෙකු ජංගම දුරකථන විභාග ශාලාව තුලට ගෙනගොස් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයන අතරතුර ජංගම දුරකතනයේ කැමරාවෙන් අවට රූපගත කිරීමේ වීඩියෝවක් අපවෙත ලැබී ඇත.
එම වීඩියෝව බලන්න පහතින්

Put the internet to work for you.
Post a Comment