එල්.ටී.ටී.ඊයේ හිටපු ජාත්‍යන්තර අවි සැපයුම්කරු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි, ඉන්දීය අගමැතිවරයෙකු වූ රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් එරටට අවශ්‍ය කර සිටි කේ.පී නොහොත් කුමරන් පද්මනාදන් ශ්‍රී ලංකාවෙන් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඉන්දියාවේ “ ද හින්දු” පුවත්පත මේ බව වාර්තා කරයි.
“අපිට වාර්තාවෙලා තියෙනවා ඔහු වී.අයී.පී පර්යන්තය උපයෝගි කරගනිමින් පලාගොස් ඇති බව අපි ඒ ගැන පරීක්ෂණ කරනවා” යැයි රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශයක් පාදක කර ගනිමින් හින්දු පුවත්පත මේ බව වාර්තා කර තිබේ.
ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් කේ.පී අත්අඩංගුවට ගැනීමට පෙර ඔහු එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ජාත්‍යන්තර අවි සැපයුම්කරු ලෙස නම්දරා තිබු අතර හෙතෙම කිලිනොච්චියේ ළමා නිවාසයක් පවත්වාගෙන යමින් සිටියේය.

Post a Comment