කුඩු රජා වෙලේ සුදා මාට්ටු

මහ පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි ජී. සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නොහොත් බඩෝවිට සුදා අත්අඩංගුවට ගෙන තිබේ.

පකිස්ථානයේ සිටිමින් ශ්‍රී ලංකාවට මහ පරිමාණයෙන් මත්කුඩු එවන බවට ඔහුට චෝදනා එල්ල වී තිබූ අතර සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙසට ජාත්‍යන්තර පොලිසිය මගින්ද රතු නිවේදන නිකුත් කර තිබිණි.


ඒ අනූව සැකකරු පකිස්ථානයේදී අත්අඩංගුවට ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ.


වෙලේ සුදා ශ්‍රී ලංකාවෙන් පලාගොස් වැඩි කාලයක්‌ පකිස්‌තානයේ ගැවසුණු බව පැවසෙන අතර ඔහු ඇතැම් අවස්‌ථාවලදී රටින් රටට කට්‌ටි පනිමින් සිටි බවට ද ආරක්ෂක වෙත තොරතුරු ලැබී තිබිණ.


පසුගිය වසරේ ජූලි මස 01 වැනිදා ඔහුගේ බිරිඳ හා ඇයගේ මව අත්අඩංගුවට ගෙන තිබුණි.



Post a Comment