මන්නාරම - මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ සමුද්‍රපාලම ප්‍රදේශයේ සිදුවු රිය අනතුකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.
මැදවච්චිය ප්‍රදේශයේ සිට ධාවනය වු බස් රථයක් ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරෙන් යතුරුපැදියේ ගමන් ගත් තිදෙනා ප්‍රතිකාර සඳහා මන්නාරම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔවුන් මියගොස් තිබේ.
මියගිය පුද්ගලයින් අතර 13 හැවිරිදි පාසැල් සිසුවෙකු ද වන බව සඳහන්ය.
මියගොස් ඇත්තේ මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ සමුද්‍රපාලම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් තිදෙනෙකි.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Post a Comment