හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අළුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
අද දෙරණ ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ අද අලුයම 2යි 55ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ඩුබායි හරහා අමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවරට “ඊ.කේ.349“ දරණ එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් ඔහු පිටත්ව ගිය බවයි.
බැසිල් රාජපක්ෂ මහතා සමග ඔහුගේ බිරිඳ පුෂ්පා රාජපක්ෂ මහත්මිය ද ගුවන්තොටුපල ප්‍රභූ පර්යන්තය හරහා රටින් පිටව ගොස් තිබේ.

Post a Comment