දුනේෂ්ටත් නියෝජ්‍ය ඇමතිකමක්

නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවාහන නියෝජ්‍ය ඇමතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා ලෙස දිවුරුම් දී තිබේ.

නව රජයේ මන්ත්‍රීන් දිවුරුම් දුන් පසුගිය 12 වැනිදා මෙම දිවුරුම්දීම සිදුව ඇත.


එදින කැබිනට් ඇමතිවරුන් 27 දෙනෙකු රාජ්‍ය ඇමතිවරුන් 10 දෙනෙකු හා නි‍යෝජ්‍ය ඇමතිවරුන් 8 දෙනෙකු දිවුරුම්දුන් බව පැවසුණද දුනේෂ් ගන්කන්ද මහතා ද නියෝජ්‍ය ඇමතිවරයෙක් ලෙස දිවුරුම්දී ඇති බව වාර්තා නොවිණ.


කෙසේ වෙතත් ඔහු ද නියෝජ්‍ය ඇමතිවරයෙක් ලෙස එදින ජනපති ඉදිරියේ දිවුරුම්දී ඇත.



Post a Comment