ජෝසප්වාස් මුනිතුමන් ශ්‍රී ලංකාවේ පළමු ශාන්තුවරයා බවට අති උතුම් ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් උසස් කර තිබේ.
ගාලුමුවදොර පිටියේදි දැන් පැවැත්වෙන දිව්‍ය පූජා යාගයට සමගාමීව මෙය සිදු කෙරිණ.
දැන් පැවැත්වෙන මෙම දේව මෙහෙයට දෙස් විදෙස් කිතුනු බැතිමතුන් දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගි වී සිටිති.
දේව මෙහෙයෙන් අනතුරුව අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ අද මඩු දේවස්ථානය බලා පිටත්ව යාමට නියමිතය.
අද පස්වරුවේ පාප්වහන්සේ විසින් මඩු දේවස්ථානයේ දී විශේෂ දේව මෙහෙයක් ද පවත්වනු ඇත.

Post a Comment