ශ්‍රී ලාංකික ධීවරයින් 06 දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නාගපට්නම් ප්‍රදේශයට සැතපුම් 100ක් පමණ දුරින් වු මුහුදු ප්‍රදේශයේ දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
ඔවුන් ඉන්දීය වෙරළාරක්ෂක යාත්‍රාවකින් කරයිකාල් ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේය.
අත්අඩංගුවට ගත් ධීවර පිරිස මෙරට බස්නාහිර ප්‍රදේශයේ පදිංචි පිරිසක් බවට තොරතුරු අනාවරණය වී තිබේ.

Post a Comment