නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදයට සහය දක්වන පුද්ගලයින්ට මෙම මැතිවරණය සංකේතයක් බවයි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය පිළිබඳ සුභ පැතුම් පළ කළ අමෙරිකානු ජනාධිපතිවරයා නිවැරදි අන්දමින් බලය හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට ස්තූතිය පළ කර තිබේ.
ශ්‍රී ලංකාව් සාමය, ප්‍රජාතන්ත්‍රවාදය සහ සශ්‍රීකත්වය වෙනුවෙන් එක්ව වැඩ කිරීමට අමෙරිකා එක්සත් ජනපදය තවදුරටත් සූදානම් බව ජනාධිපති බැරක් ඔබාමා පවසා ඇත.
මේ අතර ජපාන අග්‍රාමාත්‍ය ශින්සෝ අබේ මහතා ද නව ජනාධිපතිවරයා වෙත සිය සුභාශිංසන පළ කර තිබේ.
ජපාන විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.
නිදහස් සහ සාමකාමී මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව ජපාන රජය සිය ප්‍රසාදය පළ කර ඇත.
මේ අතර ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි ද නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයට සුභ පැතුම් එක් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ ඉන්දු ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවට සෝනියා ගාන්ධි මහත්මිය විශ්වාසය පළ කරයි.

Post a Comment