නිකවැරටියේ නිවසකට ප්‍රහාරයක්

නිකවැරටිය, දිවුල්වැව ප්‍රදේශයේ නිවසකට සහ වාහනයකට නාදුනන පිරිසක් විසින් අලාභහානි සිදු කර තිබේ.

ඊයේ රාත්‍රී පැමිණි පිරිසක් විසින් අහසට වෙඩි තබා තම නිවසට සහ වාහනයට අලාභහානි සිදු කළ බව එම නිවැසියා විසින් පොලීසියට පවසා ඇත.


පැමිණි පුද්ගලයින් තමන්ට තර්ජනය කළ බවද ඔහු පවසා තිබේ.


මේ සම්බන්ධයෙන් නිකවැරටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment