මධ්‍යම ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
අද දහවල් මහනායක හිමිවරුන් හමුවී ඔහු සිය තීරණය දැනුම්දී ඇත.
ඒ අනූව බොහෝ දුරට හෙට දිනයේදී ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යැවීමට නියමිත බව දැනගන්නට ඇතැයි අප වාර්තාකරු පැවසීය.
ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ධූර කාලය මේ වසරේ දෙසැම්බර් මාසයෙන් අවසන් වීමට නියමිතව ඇති අතර ඒ මහතා එකී තනතුරට පත්ව ඇත්තේ 2005 වසරේදීය.
මධ්‍යම පළාත් සභාවේ මහඇමති ධූරය තිළිණ තෙන්නකෝන් මහතාට ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට පසුගියදා පළාත් සභා මන්ත්‍රීන් 34 දෙනෙකු ඔහුට දිවුරුම් ප්‍රකාශ ද ලබා දී තිබුණි.

Post a Comment