ජනපති මෛත්‍රී අද ජාතිය අමතයි

අභිනව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ ජාතිය ඇමතීමට නියමිතව තිබේ.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගයේ පත්තිරිප්පුවේ සිට අද පස්වරු 2ට ජනාධිපතිවරයා ජාතිය අමතන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේනතුව සඳහන් කළේය.


ඉකුත් 8 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් ජය ලැබු මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සිකුරාදා කොළඹ නිදහස් චතුරස්‍රයේ දී සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්ව ජාතිය අමතන පළමු අවස්ථාව මෙයය.


මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ නායකයින් පෙරටුකරගත් රථ පෙරහැරක් අද පෙරවරු 8 ආරම්භ විය.


කොළඹ නිදහස් චතුරස්‍රයේ සිට ආරම්භ වන රථ පෙරහැර මහනුවර ශ්‍රී දළදා මාළිගය දක්වා ගමන් කිරීමට නියමිතය.


රාජ්‍ය නායකයින් පිරිස හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසල දී විශේෂ සැමරුමකට එක්වීමට ද නියමිතව තිබේ.



Post a Comment