ජෝර්දානයේ සේවය කළ ශ්‍රී ලාංකික තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා සඳහන් කළේ මෙම තරුණයින් දෙදෙනා නවාතැන්ගෙන සිටි කාමරය තුළ මියගොස් සිටියදී සොයාගෙන ඇති බවයි.
පවතින ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඔවුන් දෙදෙනා කාමරය තුළ ගිනි දල්වා ඇති අතර ශ්වසන අපහසුතාවයක් මරණයට හේතුවී ඇති බව අනාවරණය වී තිබේ.
ජෝර්දානයේ ඇඟළුම් කම්හලක සේවය කර ඇති මෙම තරුණයින් දෙදෙනා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්ය.
ඔවුන්ගේ මෘත ශරීර දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු සකස් කර ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා සඳහන් කළේ.

Post a Comment