බලපත්‍ර නැති මත්පැන් බෝතල් 60,000ක් අල්ලයි

බලපත්‍ර නොමැතිව ලොරි 04ක පටවා තිබු මත්පැන් බෝතල් 60,000කට ආසන්න ප්‍රමාණයක් අපරාධ හා දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් සිය බාරයට ගෙන තිබේ.

ඒ කොළඹ බේස්ලයින් පාරේ අංක 758 දෙමටගොඩ යන ස්ථානයේ තිබියදී බව පොලීසිය පවසයි.


එම මත්පැන් බෝතල් තොගය සමඟ සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.



Post a Comment