මෙය හුදෙක් පෞද්ගලික සංචාරයක් බවත්, හෙට දිනයේ යළි ජනාධිපතිවරයා මව්බිමට පැමිණිමට නියමිත බවත්, දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් තමිල්නාඩුවේ විවිධ ප්‍රදේශවල ජනාධිපතිවරයාගේ පැමිණීමට විරෝධය දක්වා උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාර පැවැත්වෙන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
එහිදී ජනාධිපතිවරයාගේ ඡායාරූප අන්තර්ගත පුවරු පුළුස්සා ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරුණු පිරිස් 20ට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය පුවත්සේවා වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර රටේ සෞඛ්‍ය සේවාව වඩාත් ගුණාත්මක සේවාවක් බවට පත්කිරීමට ඉදිරියේදී ද කැපවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ජනතාවට වඩාත් යහපත් සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා රජය පසුගිය කාලය තුළ සෞඛ්‍ය සේවාවට අති විශාල මුදලක් වැය කළ බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෙවර අයවැයෙන් ද සෞඛ්‍ය ක්ෂේත්‍රයට රුපියල් බිලියන 185ක් වෙන් කර ඇති බවද ජනාධිපතිවරයා පෙන්වාදෙයි.
රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ වාර්ෂික සම්මේලනයට අද (09) පෙරවරුවේ එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය.
සෞඛ්‍ය සේවාවේ සියලු පහසුකම් ජනතාවට නොමිලේ ලබාදෙන කිසිදු රටක් ලෝකයේ නොමැති බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට අභිමානයෙන් සහ වඩාත් සුරක්ෂිතව සේවාව ඉටුකිරීමට අවස්ථාව සලසා දුන් බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

Post a Comment