නුවර - කොළඹ මාර්ගයේ කෑගල්ල, වලකඩයාව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා තිබේ.
කටුනායක සිට නාවලපිටිය දෙසට ධාවනය වු වෑන් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව ප්‍රපාතයකට පෙරළීයාමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
අනතුරෙන් වෑන් රථයේ ගමන්ගත් 6දෙනා තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇත.
කෑගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post a Comment