වරෙන්තු ලබා සිටියදී සිංගප්පුරුවට ගොස් නැවත් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී අද පෙරවරුවේ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ඉන් අනතුරුව මීගමුව මහේස්ත්‍රාත්වරයා වෙත නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඉදිරිපත් කළ අතර එහිදී එළඹෙන 30වන දින දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග ලැබී තිබේ.
වඳුරඹ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වේදිකාවට ගිනි තැබීම, උඩප්පුවේ කඩ දෙකකට හානි කිරීම හා අත්අඩංගුවේ සිටි තිදෙනෙකු පොලීසියට පැමිණ බලහත්කාරයෙන් රැගෙනයාම යන චෝදනා මත නියෝජ්‍ය අමාත්‍යවරයාව අත්අඩංගුවට ගන්නා ලෙස බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා විසින් පසුගිය දින පොලිස්පතිවරයාට නියෝග කර තිබුණි.
එසේම වරෙන්තු ලබා සිටි නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පසුගිය 26 වැනිදා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ප්‍රභූ පර්යන්තයෙන් සිංගප්පූරුව බලා ගොස් ඇති බව පොලීසිය පැවසුවේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා ලංකාවට පැමිණි වහාම අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ඉන් අනතුරුව මාධ්‍යයට සඳහන් කළේය.
ඒ අනුව සිංගප්පුරුවට ගොස් සිටි නියෝජ්‍ය ඇමතිවරයා ලංකාවට පැමිණි බවත්, ඒ මහතාව වරෙන්තුවට අනුව අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පැවසුවේය.

Post a Comment