ඔෂෟධ සංයෝජක නිලධාරීන්ගෙන් වැඩ වර්ජනයක්

ඔෂෟධ සංයෝජක නිලධාරීන් දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

එළඹෙන 30 වන දින මෙසේ වැඩ වර්ජනයේ නිරතවීමට තීරණය කර ඇති බව රජයේ ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.


අනතුරු දීමනා, අතිකාල දීමනා සංශෝධනය කිරීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ රජයෙන් ඉල්ලීමක් සිදු කළද එයට නිසි පිළිතුරක් නොමැති වීම හේතුවෙන් වඩ වර්ජනයේ නිරත වන බව එම සංගමයේ ලේකම් ඩබ්ලිව්. ඒ. ඩබ්ලිව් රෙජිනෝල්ඩ් මහතා පවසයි.


එසේම තවදුරටත් ඉල්ලීම් ලබා නොදෙන්නේ නම් අඛංඩ වැඩ වර්ජනයක නිරතවීමට සංගමයේ විධායක සභාව තීරණය කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.



Post a Comment