නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදන කාලය දීර්ඝ කරයි

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සඳහා ලබන තුන් වන දින දක්වා කල් ලබා දී තිබේ.

අතිරේක මැතිවරණ කොමසාරිස් යු.අමරදාස මහතා සඳහන් කළේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් අදාළ කල් ලබාදීම සිදුකර ඇති බවයි.


නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු පසුගිය 22 වන දින ආරම්භ වු අතර එය ලබන 31 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණි.


දිස්ත්‍රික් කිහිපයකට මේ වන විට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වෙයි.


මේ වන විට 55%ත් 60%ත් අතර ප්‍රමාණයක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සිදුකර ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


අද දිනයේ ද විශේෂ බෙදීමේ දිනයක් ලෙස නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සිදුකරන බව තැපැල්පති රෝහණ අබේරත්න මහතා ප්‍රකාශ කළේය.



Post a Comment