ටී.එන්.ඒ අදත් තීන්දුවක් නොගනියි

ඉදිරි ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ සහය ලබාදෙන්නේ කාටදැයි පිළිබඳව අවසන් තීන්දුවක් ගැනීම සඳහා අද පස්වරුවේ පැවැති සාකච්ඡා ද විසඳුමකින් තොරව අවසන් වූ බව ද්‍රවිඩ ජාතික සන්ධානය කියයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසුවේ අද සවස මේ සම්බන්ධයෙන් සියලුදෙනා එක්ව සාකච්ඡාවක් පැවැත්වූ බවයි.


ඉන්දියාවට ගොස් සිටි එම පක්ෂයේ නායක ආර්. සම්බන්ධන් මහතා ද අද දිවයිනට පැමිණ තිබේ.


කෙසේ හෝ මන්ත්‍රීවරයා පැවසුවේ එම සාකච්ඡාවලදී අවසන් එකඟතාවයට ඒමට නොහැකි වූ බවයි.



Post a Comment