ෆොන්සේකාගේ ගෝලයෙක් ජනපතිට

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රජිත හපුආරච්චි මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

අද කොළඹ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවට ද රජිත හපුආරච්චි මහතා එක්ව සිටියේය.


පසුගිය පළාත් සභා ඡන්ද විමසීමේ දී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟවැදුණු රජිත හපුආරච්චි මහතා පළාත් සභාවට තේරී පත් වුණි.


මේ අතර දෙමළ ජාතික සන්ධානයේ වව්නියාව දකුණු ප්‍රාදේශීය සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පස් දෙනෙකු ද ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබාදීමට තීරණය කර තිබේ.



Post a Comment