මාස 10කදී 1972ක් මැරිලා

මේ වර්ෂයේ ඔක්තෝබර් මාසය අවසන් වන විට මාරක රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 1972 දෙනෙකු මියගොස් තිබේ.

දිනකට මාරක රිය අනතුරු හයත් අටත් අතර ප්‍රමාණයක් සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේය.


උත්සව සමයේ දී එම සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.


මේ අතර උත්සව සමය හේතුවෙන් බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ආරම්භ කළ විශේෂ වැඩපිළිවෙළ අද දිනයේත් ක්‍රියාත්මකය.



Post a Comment