තැපැල් ඡන්දය අදත් ක්‍රියාත්මකයි

2015 ජනාධිපතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද දිනයේදීත් සිදුකරයි.

තැපැල් ජන්ද සලකුණු කිරීමේ ප්‍රථම දිනය ඊයේට යෙදී තිබුණි.


අතිරේක මැතිවරණ කොමසාරිස් යු. අමරදාස මහතා පැවසුවේ අද පෙරවරුවේ සිට තැපැල් ජන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදෙන බවයි.


ඊයේ දිනයේ මෙන් අද දිනය තුළ ද තැපැල් ජන්ද භාවිත කිරීමේ කටයුතු නිරීක්ෂණය සඳහා දායක වන බව පැෆ්රල් සංවිධානය පවසයි.


සමස්ථයක් ලෙස තැපැල් ජන්ද ප්‍රකාශ කිරීම සාමකාමීව සිදුවු බවද එම සංවිධානය සඳහන් කරයි.



Post a Comment