මුස්ලිම් කොංග්‍රසය වැට උඩ!

එළඹෙන ජනාධිපතිවරණයේ දී කුමන අපේක්ෂකයාට සහය ලබාදෙන්නේ දැයි මෙතෙක් තීරණය කර නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.

එම කොංග්‍රසයේ ප්‍රකාශකයෙකු පැවසුවේ පක්ෂයේ උත්තරීතර මණ්ඩලය රැස්වී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට නියමිත බව සඳහන්ය.


එහෙත් උත්තරීතර මණ්ඩලය රැස්වන දිනයද මෙතෙක් තීරණය කර නොමැති බව එම ප්‍රකාශකයා පැවසුවේය.


මුස්ලිම් කොංග්‍රසය විසින් ආණ්ඩුවට යෝජනා මාලවක් ද ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.


ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබුනොත් එලඹෙන ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වනු ඇති බව සඳහන්ය.


කෙසේ වෙතත් ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයාට සහය දැක්විය යුතු බවට මුස්ලිම් කොංග්‍රසයේ පිරිසක් මත පළ කර ඇති බවද එම ප්‍රකාශකයා පැවසුවේය.



Post a Comment