උඩරට දුම්රිය මග අවහිරවෙයි

දියතලාව, හපුතලේ, පොලතැන්න දුම්රිය හරස් මාර්ගය අවහිර වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ දුම්රිය හරස් මාර්ගයේ දී සිමෙන්ති ප්‍රවාහනය කරමින් සිටි බවුසරයක් කාර්මික දෝෂයට ලක්වී ඇති බවයි.


මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කටයුතු තාවකාලිකව නතර වී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.


බවුසරය මේ වන විට දුම්රිය මාර්ගයෙන් ඉවත් කිරීමට කටයුතු ආරම්භ කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කර සිටියේය.



Post a Comment