පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට පසුගියදා එක්සත් ජාතික පක්ෂයට එක්වූ වන්නි දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රි හුනයිස් ෆාරුක් මහතාගේ නිල රථයට කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මේ පිළිබඳ අප කළ විමසීමකදී කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ද එය තහවුරු කරන ලදී.
බොරැල්ල, කොටා පාරේ පිහිටි ඒ මහතාගේ නිවස සමීපයේදී මෙම ප්‍රහාරය සිදුව ඇතැයි වාර්තා වේ.
මේ ගැන කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ඒකකය කියා සිටියේ මන්ත්‍රීවරයාගේ නිල රථය අද පස්වරුවේ නිවසෙන් පිටතට ගනිද්දී අසළ නිවසක හිමිකරුවෙකුගේ පුතෙකුට අයත් පා පැදියක ගැටී ඇති බවයි.
එම සිද්ධිය දුරදිග ගොස් බහින් බස්වීමක් සිදුව ඇතැයි වාර්තා වූ බවත්, කෙසේ වෙතත් මේ ගැන සොයා බැලීමට බොරැල්ල පොලීසියේ කණ්ඩායමක් මන්ත්‍රීවරයාගේ නිවසට මේවන විට ගොස් ඇති බවත් එම කාර්යාලය පැවසීය.

Post a Comment