ඡන්දය නිසා විවෘත කිරීම් නැවැත්තුවා

පාසල් වල අලුතින් ඉදිකරන විද්‍යාගාර හා ගොඩනැගිලි විවෘත කිරීම නවතා ඇති බව අධ්‍යපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු පවසන්නේ ජනාධිපතිවරණය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.


දිවයිනේ පිහිටි පාසල් ගණනාවක මහින්දෝය විද්‍යාගාර ඇතුළු අලුතින් ඉදිකර ගොඩනැගිලි රැසක් විවෘත කිරිමට නියමිතව ඇති බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසයි.


අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් හෙතෙම මේ බව පැවසීය.


ජනාධිපතිවරණයෙන් අනතුරුව අදාල ගොඩනැගිලි කඩිනමින් සිසු අයිතියට පත් කරන බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා එහිදී පැවසුවේය.



Post a Comment