සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන එක්දින ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.
තරඟපහකින් සමන්විත එක්දින තරඟාවලියේ මේ වන විට ඉන්දීය කණ්ඩායම දෙකට බින්දුවක් ලෙස ඉදිරියෙන් සිටියි.
අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් ද සිදුකර තිබේ.
ඒ අනුව කුමාර සංගක්කාර සහ ධම්මික ප්‍රසාද් මෙම තරඟයෙන් විවේක ගන්වා ඇති අතර සුරාජ් රන්දිව් සහ උපුල් තරංග සංචිතයෙන් ඉවත් කර ඇත.
ඒ වෙනුවට ශමින්ද එරංග, ලහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල් සහ අජන්ත මෙන්ඩිස් කණ්ඩායමට එක්වන බව වාර්තා වෙයි.

Post a Comment