ලංගම බසයට ගල් ප්‍රහාරයක්

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

යාපනය, මීසාලෙයි ප්‍රදේශයේ දී මෙම ගල් ප්‍රහාරය එල්ල වී ඇති බව පොලිසිය පැවුසවේය.


ගල් ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර බස් රථයට පමණක් සුළු අලාභ හානි සිදුව ඇත.


කෙසේ වෙතත් අදාළ ප්‍රහාරය එල්ල කළ පිරිස් චාවකච්චේරි පොලිසියට පැමිණ සිද්ධිය සමථයකට පත්කර ගත් බව පොලිසිය පැවසුවේය.



Post a Comment