සූර් රියදුරන් 79ක් මාට්ටු

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ආරම්භ කළ විශේෂ වැඩපිළිවෙළ යටතේ මේ වනවිට රියදුරන් 79 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

උත්සව සමය හේතුවෙන් දිවයිනේ සියලූම ප්‍රදේශ ආවරණය වන පරිදි බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට පොලිස් මුලස්ථානය පියවර ගෙන ඇත.


ඊයේ දිනයෙන් ආරම්භ වු අදාළ වැඩපිළිවෙළ ලබන ජනවාරි මස 05 වන දින දක්වා ක්‍රියාත්මකය.


ඒ අනුව ඊයේ පස්වරුවේ සිට අද පෙරවරු 06 දක්වා බීමත් රියදුරන් 79 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ත්‍රීරෝද රථ රියදුරන් 28 දෙනෙකු ඒ අතර වන බව පොලිස් මුලස්ථානය නිවේදනය කළේය.



Post a Comment