වයිකෝ ජනමත විචාරණයක් ඉල්ලයි

මෙරට දෙමළ ජනතාව අතර ජනමත විචාරණයක් පැවත්විය යුතු බව ඉන්දීය එම්.ඩී.එම්.කේ පක්ෂ නායක වයිකෝ පවසයි.

ඔහු පවසන්නේ දෙමළ ජනතාවට පවතින ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සඳහා ජනමත විචාරණයක් පැවත්වීම අත්‍යවශ්‍ය කරුණක් බවයි.


මේ සම්බන්ධයෙන් තමා ඉන්දියාවේ යුරෝපානු සංගම් තානාපති ජොආ ඕ ක්‍රාවින්හෝ මහතා සහ අනෙකුත් නියෝජිතයින් දැනුවත් කළ බව වයිකෝ පවසයි.


තමිල්නාඩු සහ පුදුචෙරි ප්‍රාන්තයේ තෙදින නිල සංචාරයක නිරත වන යුරෝපානු සංගමයේ නිලධාරීන් පිරිසක් සමග පැවති සාකච්ජාවකදී එම්.ඩී.එම්.කේ පක්ෂ නායක වයිකෝ මේ අදහස් පළ කර තිබේ.



Post a Comment