ඉන්දීය ධීවර මළ සිරුරක් හමුවෙයි

කයිට්ස් වෙරළට ගොඩගසා තිබූ ඉන්දීය ධීවරයෙකුගේ මළ සිරුරක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා සඳහන් කළේ ඊයේ පස්වරුවේ මෙම මළ සිරුර සොයාගෙන ඇති බවයි.


සොයාගත් මළ සිරුර යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර නාවික හමුදාව විසින් ඒ පිළිබඳව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට දැනුම් දි තිබේ.


මෙලෙස සොයාගෙන ඇත්තේ තමිල්නාඩු රාමනාදපුරම් හි පදිංචි 75 හැවිරිදි ධීවරයෙකු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.


ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයින් තිදෙනෙකු පසුගිය 6 වන දින සිට අතුරුදන්ව සිට ඇති අතර මොහු ඉන් එක් අයෙකු බව සඳහන් වෙයි.


තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම්ගේ පක්ෂයේ ලාංඡනයක් සිරුරේ කොටා තිබීම හේතුවෙන් මෙම ධීවරයා හඳුනාගැනීමට හැකිව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.



Post a Comment