මෛත්‍රීත් ෆොන්සේකාගේ කොපියක්

පසුගිය ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකා මහතාගේ දෙවැනි චරිතය එළඹෙන ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා බව සමුපාකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

අද (24) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.


සරත් ෆොන්සේකා මහතා යනු කෘතිවම සාදන ලද නායකයෙකු බවද ඔහු එහිදී සඳහන් කළේය.


එසේම ආණ්ඩුව අධිවේගී මාර්ගවලින් විශාල වශයෙන් කොමිස් ගසනා බව මේ දිනවල විපක්ෂය විසින් ආණ්ඩුවට චෝදනා එල්ල කරන බවත්, එසේ චෝදනා කරන්නේ නම් ඔප්පු කර පෙන්වන ලෙසත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අවධාරණය කර සිටියේය.


තවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මුදල් සොරකම් කිරීමට අයශ්‍යතාවයක් තිබු‍ණේනම් ඔහු යුද්ධයෙන් සොරකම් කරන බවත්, නමුත් එසේ නොකළ යුද්ධය අවසන් කළ බවත් එහිදී ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.


එම මාධ්‍ය හමුවට එක් වු උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා කියා සිටියේ මේ වන විටත් ලෝකයේ දියුණුම රටවල් අතර ශ්‍රී ලංකාව සිටින බවත්, එය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් සිදුවුවාක් බවත්ය.



Post a Comment