කසළ තේ ප්රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ග්රෑන්ඩ්පාස් ඉඟුරුකඩේ හන්දිය වරාය පිවිසුම් මාර්ගය ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
විදේශ රටකට යැවීම සඳහා කසළ තේ පටවාගත් කන්ටේනර් රථ දෙකක් වරායට පැමිණෙන බවට ග්රෑන්ඩ්පාස් පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
තේ මණ්ඩලයේ කොමසාරිස්වරයා විසින් අදාළ කන්ටේනර් රථ දෙක පරික්ෂා කර ඇති අතර ඒවා කසළ තේ බවට ඔහු නිගමනය කර තිබේ.
එම අවස්ථාවේදී කන්ටේනර් රථ දෙක තුළ කසළ තේ කිලෝග්රෑම් 36,000ක් තිබී ඇති බවට අනාවරණය වී ඇති බව පොලිසිය පැවසුවේය.
සිද්ධියට අදාළ ප්රධාන සැකකරු අත්අඩංගුවට ගැනිම සඳහා ග්රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
Post a Comment