ලංකාවේ ඇති ඉන්දීය ධීවරයින්ගේ යාත්‍රා ගැන වාර්තාවක් පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකා බලධාරින් බාරයේ පවතින ධීවර යාත්‍රා සම්බන්ධයෙන් ලිඛිත වාර්තාවක් ඉන්දීය පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබේ.

ඉන්දීය ලෝක් සභාව විසින් ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස තමිල්නාඩු ප්‍රාන්ත විදේශ අමාත්‍ය වී.කේ සින්ට දැනුම් දී ඇත.


ඒ අනුව වී.කේ සින් ඒ සම්බන්ධයෙන් වූ ලිඛිත වාර්තාවක් ඉන්දීය ලෝක් සභාවට ඉදිරිපත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


එම වාර්තාවට අනුව මෙරට බලධාරින් බාරයේ ඉන්දීය ධීවර යාත්‍රා 87ක් පවතින බව සඳහන්ය.


කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් මෙරට ධීවර අමාත්‍යංශයෙන් විමසීමක් කළේය.


එහිදී ධීවර අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ධීවර යාත්‍රා 86ක් මෙරට බලධාරින් බාරයේ පවතින බවයි.


මීට අමතරව ඉන්දීය ධීවරයින් 81 දෙනෙකු ද මෙරට අත්අඩංගුවේ පසුවන බව එම අමාත්‍යංශය සඳහන් කළේය.


එමෙන්ම ඉන්දීය බලධාරින් බාරයේ මෙරට ධීවර යාත්‍රා 40ක් පවතින බවද එම අමාත්‍යංශය පැවසුවේය.



Post a Comment