කණ්ඩායම් දෙක අතර ඇතිවූ ගැටුමෙන් සිරිපාල කිරිඇල්ල මන්ත්‍රීවරයාට තියුණු ආයුධයකින් කළ පහරදීමකින් තුවාල සිදුව ඇති බවත්, ගැටුමෙන් තුවාල ලැබූ තවත් කාන්තාවන් සිව්දෙනෙකු අවිස්සාවෙල්ල රෝහලට ඇතුළත් කර ඇති බවත් එම සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
තමන්ට පොලු, රීප්ප සහ ගිනි අවි සහිතව පැමිණි සිරිපාල කිරිඇල්ල, හැරිස් කිරිඇල්ල යන එජාප මහජන නිගයෝජිතයින්ද ඇතුළත් කණ්ඩායමක් විසින් පහර දුන් බව ප්‍රහාරයට ලක් වූ එජනිස ආධාරකරුවෝ පවසති.
ජිලානි හෝටලයේ පැවති මෙම රැස්වීමට සහභාගී වී ඇත්ගත් සමෘද්ධි නිළධාරීන්, කෘෂිකර්ම සහායකයින් ඇතුළු පිරිසක් වන අතර පවිත්‍රා වන්නිආරච්ච් සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන්ද එයට සහභාගි වන බවට දැනුම්දී තිබේ.
කෙසේ වෙතත් මෙම රැස්වීම නීති විරෝධී බවට මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි යොමුකර තිබී ඇති අතර ගැටුම ඇති වන අවස්ථාවේදී ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද එම ස්ථානයේ සිට ඇතැයි සඳහන්ය.

Post a Comment